මෙම ලිපියේ සඳහන් කර ඇති නිෂ්පාදන සහ සේවාවන්, ඔබේ කලාපය තුළ ලබා ගත නොහැකි විය හැක. ඔබට ප්‍රශ්න කිසිවක් ඇත්නම්, පාරිභෝගික සහාය සේවය හෝ ඔබේ ගිණුම් කළමනාකරු අමතන්න.
දීමනා බල ගැන්වීම සඳහා වඩා සුහුරු විශේෂාංග ගොඩනැංවීම
දීමනා යනු ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට, ඇණවුම් ධාවනය කිරීමට සහ විකුණුම් ඉහළ නැංවීමට වඩාත් ඵලදායී ක්‍රමයකි. අපි ඔබේ ව්‍යාපාරය නඟා සිටුවීම සඳහා ඔබ වෙත වැඩි පාලනයක්, වඩා හොඳ ඉලක්කකරණයක් සහ වඩා පැහැදිලි ප්‍රතිඵල ලබා දෙමින් විශාල වැඩිද ියුණු කිරීම් කරන්නේ එබැවිනි.
2025 මැයි
විකුණුම් ඉහළ නංවා පාරිභෝගිකයින් ගෙන්වා ගන්න
දීමනා ඔබේ ව්‍යාපාරය නඟා සිටුවීම සඳහා අත්දුටු ක්‍රමයකි:
තවත් ඇණවුම්
දීමනා ක්‍රියාවට නංවා ඇති වෙළෙඳුන්ට වට්ටම් ලබා දුන් පසු පවා 21%කට වැඩි ඇණවුම් සහ විකුණුම්වල 13%ක ඉහළ යාම ක් දැකිය හැකිය.*
ගෝලීය අධ්‍යයනයක් මත පදනම් වූ පහත විස්තර බලන්න.
වඩා විශාල ඇණවුම්
දීමනා තිබෙන විට ගනුදෙනුකරුවෝ වැඩිපුර වියදම් කිරීමට පෙළඹෙති. ඔබේ වෙළඳසැලේ මෙනුවේ ආකාරයට මිල ගණන් නියම කර ඇති හොඳම, උසස් තත්ත්වයේ දීමනා පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගනිමින්, විකුණුම් ඉහළ නංවා ඇණවුමේ ප්‍රමාණය ඉහළ නංවයි.
නව සහ නැවත පැමිණෙන පාරිභෝගිකයන්
මුල් වරට ගනුදෙනු කරන පාරිභෝගිකයින්ගෙන් 32%කට වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සහ නිතර ගනුදෙනු කරන්නන් නැවත නැවත ගෙන්වා ගැනීමට දීමනා උපකාරී වේ.*
ගෝලීය අධ් යයනයක් මත පදනම්ව පහත විස්තර සොයා ගන්න.
සියලුම අවන්හල් සඳහා අලුත් දෑ මොනවා ද
සෑම දීමනාවකින්ම උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔබට උපකාර කිරීම සඳහා අපි වඩා හොඳ මෙවලම් සහ විශේෂාංග සඳහා ආයෝජනය කරන්නෙමු:
වඩා හොඳ දෘශ්‍යතාවක් පිරිනැමීම
ඔබේ දීමනා දීමනා කේන්ද්‍රයක් සහ තේමාගත කැරෝසල ඇතුළු තවත් ස්ථානවල විශේෂාංග කොට දක්වනු ලැබෙනු ඇති අතර පාරිභෝගිකයින්ට ඒ වා සොයා ගැනීම පහසු කරන නව වර්ණ තේමාවක් ඇතුළු යාවත්කාලීන කරන ලද දෘශ්‍යාංග සහ වැඩි දියුණු කළ පෙරහන් කිරීමක් සමගින් අනාවරණය කරගත හැකි වනු ඇත.
නව දීමනා වර්ග සහ වැඩි දියුණු කළ නම්‍යශීලීබව
ඔබ ඉදිරිපත් කරන්නේ කුමක් ද, කවදා ද සහ කාට ද යන්න පිළිබඳ වැඩි පාලනයක් ලබා ගන්න. සතුටු පැය දීමනා සහ 1ක් මිල දී ගත් විට එකක් නොමිලේ දීමනා සමගින්, ඔබට ඔබේ දීමනා ඔබේ අරමුණුවලට ගැළපෙන පරිදි සකස් කරගත හැකි ය. දැන් ඔබට වසරක් දක්වා සැමවිටම ක්‍රියාත්මක දීමනා පවත්වා ගත හැකි අතර එක් පියවරකින් ස්ථාන කිහිපයක් පුරා දීමනා නිර්මාණය කළ හැකි ය.
Uber One ඉලක්කකරණය
සුවිශේෂී සාමාජිකයින් සඳහා පමණක් වන දීමනා සමඟ පක්ෂපාතී, ඉහළ වටිනාකමක් ඇති පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගන්න.
ඔබට අවශ්‍ය තැන දීමනා නිර්මාණය කි රීමේ හැකියාව
ව්‍යාවසායී වෙළෙඳුන්ට, විකුණුම් ස්ථාන පද්ධතිවලට සහ ඒකාබද්ධ කරන්නන්ට ඔවුන්ගේම වේදිකාවලින් සෘජුවම දීමනා නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වැඩි නම්‍යශීලී බවක් ලබා දෙමින්, අපේ දීමනා API සෑම දීමනා වර්ගයකට ම පාහේ සහාය දක්වන අන්දමින් පුළුල් කිරීමට අපි කටයුතු කරන්නෙමු.
Uber Eats කළමනාකාරකය මත ඇති අලුත් දෑ
ඔබ Uber Eats කළමනාකාරකය මත ඔබේ අවන්හල/අවන්හල් කළමනාකරණය කරන්නේ නම්, ඔබට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට සහ ඔබේ ප්‍රචාරණ ව්‍යාපාර පහසුවෙන් කළමනාකරණය කිරීමට මෙම නව මෙවලම් උපකාරී වනු ඇත:
පාරිභෝගිකයන් ඇලුම් කරන දීමනා නිර්මාණය කරන්න
දැන් ඔබට, දීමනා නිර්මාණය කිරීමේ දී වඩා ප්‍රබල ඉතුරුම්, ජනප්‍රිය අයිතම සහ අඩු වියදම් වැනි ඔබේ දීමනා වඩා සිත් ගන්නා සුලු සහ වැඩි ඇණවුම් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගන්නා ආකාරයේ ඒවා බවට පත් කරන යෝජනා ලැබෙනු ඇත. ඔබේ දිස් වීම සහ ප්‍රතිඵල ඉහළ නංවමින් හොඳම දීමනා වැඩි පාරිභෝගිකයන් ගණනකට දිස් කරනු ලැබේ.
ඔබට වර්ධනය වීමට උපකාර කිරීම සඳහා පුද්ගල විශේෂී ඉඟි
ඔබේ Uber Eats කළමනාකාරක මුල් පිටුවෙහි, ඔබට සන්තෝසම් ලැබෙනු ඇති අතර විවිධ වර්ගයේ පාරිභෝගිකයින් ඔබේ දීමනා සමඟ සම්බන්ධ වන්නේ කෙසේදැයි ගවේෂණය කළ හැක. ඔබ ස්ථාන කිහිපයක් කළමනාකරණය කරන්නේ නම්, ඔබට වෙළඳසැල් පුරා කාර්ය සාධනය එක් ස්ථානයකින් නැරඹිය හැකිය.
ක්‍රියාවට මග පාදන අදහස් හා දැනුම
ඔබගේ සියලු දීමනා එක තැනකින් නිරීක්ෂණය කරන්න, තත්කාලීන ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න, තව ද නව නැවත ක්‍රියාවට නැංවීමේ බොත්තම භාවිතයෙන් ඉහළ කාර්ය සාධනයක් සහිත ඒවා වරක් ක්ලික් කිරීමෙන් නැවත ක්‍රියාවට නංවන්න. යාවත්කාලීන වාර්තාකරණය ඔබට අනාගත ප්‍රචාරණ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට උපකාර කිරීම සඳහා පාරිභෝගිකයා, වෙළඳසැල සහ අයිතම මට්ටම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙයි.
වඩා හොඳ ප්‍රතිඵල සඳහා වඩා සුහුරු මෙවලම්
තිළැලි මිතික සහ නිර්දේශ, සාර්ථක වන්නේ මොනවා ද යන්න ඉක්මනින් තේරුම් ගැනීමට සහ ඔබේ දීමනාවලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා වෙනස්කම් සිදු කිරීමට ඔබට උපකාරී වේ.
විශාල පරිමාණයෙන් දීමනා කළමනාකරණය කරන අය සඳහා, දැන් API ඔබට බොහෝ දීමනා වර්ග තැනීම, බැලීම සහ අහෝසි කිරීමට නව API අවකාශය සලසා දෙයි.
Uber නියෝජිතයින් සිටින ව්‍යවසායී වෙළෙඳුන් සහ වෙළෙඳුන් සඳහා අලුත් දෑ මොනවා ද
ව්‍යවසායයන් සහ විශාල වෙළෙන්දන් හෝ Uber හවුල්කරු හෝ ගිණුම් කළමනාකරුවන් සමග කටයුතු කරන වෙෙළෙන්දන් සඳහා, අපි දීමනා වඩාත් නම්‍යශීලී සහ ක්‍රියාවට නැංවීමට පහසු කරන්නෙමු.
වෙළඳ දැන්වීම් කළමනාකාරකය මත දීමනා තනන්න
සම්පූර්ණ පාලනය භුක්ති විඳින්න. දැන් ඔබට වෙළඳ දැන්වීම් කළමනාකාරකය තුළ ඉලක්කගත දීමනා ප්‍රචාරණ ව්‍යාපාර පහසුවෙන් සැකසීමට, ක්‍රියාවට නැංවීමට සහ ඒවා සඳහා ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය. වෙළඳසැල් පුරා වට්ටම, නොමිලේ බෙදාහැරීම, සහ වැඩිපුර වියදම් කර වැඩිපුර ඉතිරි කිරීමේ දීමනා දැන් ක්‍රියාත්මකව සහ ලබාගත හැකිව තිබෙන අතර ඔබට නිර්මාණය කිරීම සහ ඔබේ ගනුදෙනුකරුවට අත්විඳීම සඳහා ස්වයං-සේවා සහ තවත් දීමනා වර්ග සහ වැඩි දියුණු කිරීම් මග එයි. තවද, උසස් වාර්තාකරණ මෙවලම් සමඟ, ඔබ කාර්ය සාධනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගනු ඇත.
වෙළඳ දැන්වීම් කළමනාකාරකය සහ ඔබේ හවුල්කරු හෝ ගිණුම් කළමණාකාරකය හරහා නව විශේෂාංග ගවේෂණය කරන්න
1ක් මිල දී ගත් ව ිට 1ක් නොමිලේ දීමනා ලබාගැනීම සඳහා සීමා සකස් කරන්න
දැන් ඔබට, පාරිභෝගිකයෙකුට 1ක් මිල දී ගත් විට 1ක් නොමිලේ දීමනාව ලබාගත හැක්කේ කොපමණ වාර ගණනක් ද යන්න ඔබේ හවුල්කරු හෝ ගිණුම් කළමනාකාරකය හරහා සීමා කළ හැකි ය.
වැඩිදියුණු කළ ඉලක්ක ලබාගන්න
ඔබේ උපාය මාර්ගය සුසර කිරීම සඳහා පෙර පාරිභෝගිකයින් වෙත ළඟා වීම හෝ ඔබේ පක්ෂපාතී පාරිභෝගිකයින්ට පාරිතෝෂික ලබා දීම සිදු කරන්න. ඔබේ හවුල්කරු හෝ ගිණුම් කළමනාකාරකය ඔස්සේ ලබා ගත හැකිය.
අපි ඊළඟට ගොඩනංවන්නේ කුමක් ද
විශිෂ්ට දීමනා ක්‍රියට නැංවීම, නිවැරදි ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීම සහ ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීම පහසු කරන මෙවලම් අපි අඛණ්ඩව ගොඩනඟන්නෙමු. මෙන්න මග එන දේ:
- ඔබේ දීමනා සිතැඟි පරිදි සැකසීමේ අතිරේක ක්‍රම: නුදුරේ දී ම, ඔබට පරිවාර ආහාර සහ වෙනස්කම් කළ ආහාර සඳහා දීමනා නිර්මාණය කිරීමට, 1ක් මිල දීගෙන නොමිලේ අයිතමයක් ලබා ගැනීම මෙනු අයිතම අතර සංකලනය කර ගැළපීමට සහාය වන අන්දමට පුළුල් කිරීමට සහ දීමනාවක් ලබා ගත හැක්කේ කොපමණ වාර ගණනක් ද යන්නට සීමා සකස් කිරීමට හැකි වනු ඇත.
- කාර්ය සාධනය කළමනාකරණය හා මැනීම සඳහා වඩා සරල ක්‍රම: අපි ඔබට සාර්ථක වන්නේ මොනවා ද යන්න තීරණය කිරීම පහසු කරන්නෙමු. නව වාර්තා මඟින් ඔබේ ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ වඩා හොඳින් තේරුම් ගැනීමට සහ Uber Eats සහ ඔබේ ම පද්ධති හරහා වැඩිදියුණු කළ නිරීක්ෂණය මඟින් වාර්තාකරණය සහ ගෙවීම් තිරයෙන් පිටුපස ඔබ සිදු කරන කාර්යයන් සඳහා ඔබට වැය වන කාලය ඉතිරි කර ගැනීමට උපකාරී වේ.
- නිවැරදි පාරිභෝගිකයින් වෙත ළඟා වීමට හොඳම ක්‍රම: නව ඉලක්කගත මෙවලම් ඔබට පෙර ගනුදෙනුකරුවන් සහ ඉහළ වටිනාකමක් ඇති ගනුදෙනුකරුවන් නැවත සම්බන්ධ කර ගැනීමට උපකාරී වේ. පාරිභෝගිකයෙකු නැවත ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේ ප්‍රියතම ආහාරය ප්‍රවර්ධනය කිරීම වැනි පුද්ගල විශේෂී දීමනා සැකසීමට ද ඔබට හැකි වනු ඇත.
- අනාවරණය කරගනු ලැබීමේ තවත් ක්‍රම: අපි ඔබට සීමිත කාලීන විකුණුම් වැඩසටහන්; කාලයට අදාළ ප්‍රවර්ධන වැඩසටහන්; සහ විශිෂ්ට වටිනාකමක් ඉස්මතු කරන සහ මිල දැනුවත්ව සිටින පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගන්නා තෝරාගත්, ආහාර වර්ගයක් පදනම් කරගත් අත්දැකීම් තුළින් අපි ඔබේ දීමනාවලට යෙදුම තුළ බැබළීමට වැඩි අවස්ථාවක් ලබා දෙන්නෙමු.
විශාල පින්තූරය
මෙම යාවත්කාලීන කිරීම් සමඟ, ඔබට ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමේ, විකුණුම් ඉහළ නැංවීමේ සහ සෑම දීමනාවකින් ම උපරිම ප්‍රයෝජන ගැනීමේ තවත් ක්‍රම ලැබේ. ඔබ භාවිත කරන්නේ Uber Eats කළමනාකාරකය වුව ද, වෙළඳ දැන්වීම් කළමනාකාරකය වුව ද, නැතහොත් දීමනා කළමනාකරණය කිරීමට ඔබේ හවුල්කරු හෝ ගිණුම් කළමනාකාරකය සමඟ කටයුතු කරන්නේ වුව ද, අපි ඔබට වර්ධනය වීමට උපකාර කිරීම සඳහා වඩා හොඳ මෙවලම්, පැහැදිලි අවබෝධයක් සහ වඩා හොඳ ඉලක්කයක් ලබා දෙන්නෙමු.
දීමනා සැමවිට ම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ප්‍රබල ක්‍රමයක් ලෙස ක්‍රියා කර ඇති අතර දැන් ඒවාට වඩාත් ඵලදායී විය හැකි ය.
ඔබේ ව්‍යාපාරයට කැපී පෙනෙන ලෙස නැගී සිටීමට සහ වර්ධනය වීමට උපකාර කිරීම සඳහා නව විශේෂාංග ගවේෂණය කිරීමෙන් සහ Uber Eats කළමනාකාරකය හෝ වෙළඳ දැන්වීම් කළමනාකාරකය වෙතින් දීමනා සැකසීමෙන් අද ම ආරම්භ කරන්න.
නිති අසන පැණ
- මගේ දීමනාවලින් හොඳම ප්‍රතිඵල ලබා දෙන බව සහතික කර ගන්නේ කෙසේ ද?
වඩාත්ම සාර්ථක වන දීමනා වන්නේ ඔබේ මෙහෙයුම් අවශ්‍යතා සපුරාලන අතරතුර ම ඔබේ ගනුදෙනුකරුවන්ට වඩාත් ආකර්ෂණීය වන ඒවා ය. නිවැරදි පාරිභෝගිකයින් වෙත ළඟා වීමට සුහුරු ඉලක්කකරණය; නිවැරදි වට්ටම් තෝරා ගැනීම (උදාහරණයක් ලෙස, ඇණවුමේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා වෙළඳසැල පුරා වට්ටම් සහ 1ක් මිල දී ගත් විට එකක් නොමිලේ දීමනා සහ මන්දගාමී වේලාවන් සඳහා සතුටු පැය දීමනා); සහ ඔබේ මෙනුවේ මිල ගණන් ඔබේ වෙළඳසැලේ මිල ගණන්වලට සමීපව තබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න.
- Uber Eats යෙදුමේ මගේ දීමනා දිස් වනු ඇත්තේ කොහේ ද?
ඔබේ දීමනා මුල් සංග්‍රහය, ප්රමුඛ දීමනා ලාංඡන තුළ, මුල් සංග්‍රහ අභිවර්ධකය තුළ, දීමනා කේන්ද්‍රෙය් සහ කැරෝසලවල ඇතුළු යෙදුම පුරා දිස් වන අතර ම පාරිභෝගිකයින් දීමනා සොයා පෙරහන් කරන විට හෝ සොයමින් සිටින විට සහ ඔබේ වෙළඳසැල ඉදිරිපිට සහ මෙනුවේ ද දිස් වේ.
- මගේ ඉපැයීම් වැඩි කිරීමට මා මෙනු මිල වැඩි කළ යුතු ද?
නැත, මිල ඉහළ නැංවීම ඔබේ මෙනුවේ තරගකාරී බව අඩු කරමින් විකුණුම්වලට හානි කළ හැකි ය. ඒ වෙනුවට, ආයෝජනයෙන් හොඳම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුහුරු ඉලක්කකරණය, නිවැරදි දීමනා වර්ග සහ කාර්ය සාධනය නිරීක්ෂණය කොට පවත්වා ගැනීම භාවිත කරන්න.
- මගේ දීමනා වර්ධනය වන විකුණුම් ඇද ගැනීම සඳහා ඵලදායී වනු ඇති ද?
දීමනා සැලසුම් කර ඇත්තේ නැවත නැවත සිදු වන ගනුදෙනු දිරි ගන්වන අතරේ ඇණවුම් වර්ධනය කර ගනිමින් ඔබට නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට උදව් වන ආකාරයට ය. ඔබේ ප්‍රතිඵල මැනීම සඳහා ඔබට කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමේ මෙවලම් වෙත පූර්ණ ප්‍රවේශය ලැබෙනු ඇත.
- මට වැඩිදුර විස්තර හෝ උදව් ලබාගත හැක්කේ කොහෙන් ද?
Uber Eats කළමනාකාරකය හෝ දැන්වීම් කළමනාකාරකය තුළ උදව් බොත්තම තෝරන්න, නැතහොත් සහාය සඳහා ඔබේ හවුල්කරු හෝ ගිණුම් කළමනාකරු අමතන්න.
ඔබේ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට තොරතුරු සහ දැනුම
ඔබේ ව්‍යාපාර වෙළඳපොළට ඵලදායී ලෙස උපකාර කිරීම, කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සහ බාධාවකින් තොරව බෙදාහැරීම සඳහා හොඳම පරිචයන් සොයාන්න.
ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමට උපකාරී වන ලි පි, මාර්ගෝපදේශ, නිෂ්පාදන යාවත්කාලීන කිරීම් සහ වෙනත් සම්පත් ගවේෂණය කරන්න.
ව්‍යාපාර සිය ප්‍රවේශය පුළුල් කිරීමට සහ සන්නාමය සවිබල ගැන්වීමට දිනපතා Uber වේදිකාව භාවිත කරන ආකාරය දැනගන්න.
*මෙම ප්‍රතිශත පදනම් වී ඇත්තේ 2024 අප්‍රේල් 30 සිට 2024 මැයි 27 දක්වා Uber විසින් සිදු කරන ලද අත්හදා බැලීමේ ගෝලීය රඳවා තැබීමේ විශ්ලේෂණයක් මත ය. ලොව පුරා සිටින අවන්හල් දීමනාවලට නිරාවරණය වූ Uber Eats පාරිභෝගිකයින් හා එසේ නිරාවරණය නොවූ පිරිස අතර හැසිරීම අපි සංසන්දනය කළෙමු. ප්‍රතිඵලවලින් සහභාගි වන සියලුම වෙළෙඳුන් අතරේ, එක් පාරිභෝගිකයෙකු විසින් සිදු කරන ඇණවුම් ගණන වැනි මූලික මිතිකයන්ගේ දළ වෙනස්කම් නිරූපණය වේ. සැබෑ ප්‍රතිඵල වෙන ස් වීමට ඉඩ ඇත.
සේවා
සේවා
තාක්ෂණය
ඇණවුම් කළමනාකරණය කරන්න